කටුනායක ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ සිදු කිරීම ජර්මන් සමාගමකට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා රටට පැමිණෙන හා රටින් පිටවල පුද්ගලයන්ගේ PCR සිදු කිරීම විදෙස් සමාගමකට පැවරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. PCRවලට අමතරව ඒ හා සමාන වෙනත් පරීක්ෂණද එම සමාගමට පැවරෙන අතර ඉදිරි වසර දෙකක කාලය සඳහා ගිවිසුම් ක්‍රියාත්මක වේ.
මේ සඳහා දැනටමත් ජර්මන් සමාගමක් තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම කටයුතු සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් 10,000 ක මුදලක් අදාල සමාගමෙන් අය කරන බවයි සංචාරක අමාත්‍යංශය පවසන්නේ.
කටුනායක ගුවන් තොටපුල තුළ දැනට දෛනිකව PCR පරීක්ෂණ 6900 ක් පමණ සිදු කරන අතර එක් PCR පරීක්ෂණයක් සඳහා අයකරන මුදල ඩොලර් 40 කි.
ඉදිරි මාස 05 ක කාලය තුළ මිලියන 02 ක පමණ පිරිසක් ගුවන් තොටුපල හරහා යාම්-ඊම් සිදු කරනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.