ඩයගම හිෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් මනෝ ගනේෂන්, උදයකුමාර් මන්ත්‍රීවරුන් බොරැල්ල පොලිස් ස්ථානයට …

පසුගිය 3වනදා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් නිවසේ දී පිලිස්සුම් තුවාල ලබා පසුව රෝහලේදී මිය ගිය ඩයගම ප්‍රදේශයේ හිෂාලිනි දැරිය සම්බන්ධයෙන්, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පා.ම. මනෝ ගනේෂන්, නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. උදයකුමාර් සමග, 18වන ඉරිදා සවස බොරැල්ල පොලිස් ස්ථානයට ගොස් මේ දක්වා සිදුවී ඇති සිද්ධිය සම්බන්ධයෙන් විස්තර රැස්කර ගෙන ඇත.

බොරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) දුමින්ද බාලසූරිය සහ ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක(CI) ඉනෝකා යන අය හමු වූ මන්ත්‍රීවරුන්, මෙම කරුණු සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණ හා මියගිය කෙනාගේ සිරුර සම්බන්ධයෙන් පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව සම්බන්ධයෙන් ද සම්පූර්ණයෙන් විස්තර රැස් කර ගත්තා.

මීට පෙර, මියගිය කාන්තාව හිෂාලිනිගේ උපන් ගම හා දෙමාපියන් පදිංචිව සිටින නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩයගම ප්‍රදේශය බාර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පාලිත සමග දුරකථනයෙන් කතා කළ මනෝ ගනේෂන් පා.ම., හිෂාලිනි ඇතුලුව මෙවැනි ගෘහ සේවකයින් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල නිවෙස් වෙත සේවකයින් ලෙස රැගෙන ගිය, එම ප්‍රදේශයේ ශංකර් නැමැති තැරැව්කරුවකුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙසට උපදෙස් ලබා දුන්නා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වන විට ශංකර් නමැති මෙම තැරැව්කරුවා 19වන සදුදා වැඩිදුර පරීක්ෂණ සඳහා, කොළඹ බොරැල්ල පොලීසිය මගින් කොළඹට ගෙන ඒමට නියමිතයි.

මෙම අවස්ථාවේදී, හිෂාලිනි නැමැති මෙම කාන්තාවගේ නොමේරූ මරණය සම්බන්ධයෙන් රටේ පවතින අදහස් පිළිබඳව මහනුවර දිස්ත්‍රික්, ද.ප්‍ර.ස. පා.ම. වේලුකුමාර්, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් පා.ම. සමග සාකච්ඡා කළා.

පසුව, පා.ම. රිෂාඩ් බදුර්දීන් ගේ පවුලේ සාමාජිකයන් සහ බදුර්දීන් පා.ම. ප්‍රමුඛ සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් පක්ෂය වෙනුවෙන්, ඔවුන්ගේ පාර්ශවය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර සහිත ලිඛිත ප්‍රකාශනයක් වහාම ඉදිරිපත් කරන ලෙස, වේලුකුමාර් පා.ම. ඊට සම්බන්ධ අයට ප්‍රකාශ කළා.