මුහම්මද් නබි තුමා සමච්චල් කරමින් කාටූන් චිත්‍රයක් නිමැවූ ඩෙන්මාර්කයේ කාටූන් චිත්‍ර ශිල්පියා මියයයි

ලෝ පුරා මුස්ලිම්වරුන් සියලුදෙනා කුපිත කරවමින් ඔවුන් නබි මුහම්මද් තුමා සමච්චලයට ලක් කරමින් කාටූන් චිත්‍රයක් අඳින ලද ඩෙන්මාර්කයේ කාටූන් චිත්‍ර ශිල්පියා අභාවප්‍රාප්ත වී තිබේ.

පසුගිය සෙනෙසුරාදා දින මිය ගොස් ඇති අතර ඔහු මිය යන විට 86වියේ පසු වුවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කුප්‍රකට කාටූන් ශිල්පියෙකු වූ ඔහු නමින් කර්ට් වෙස්ටර්ගාඩ් වේ. දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරුව සිටි ඔහු නින්දේදීම සිය අවසන් ගමන් ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මියගිය කාටූන් ශිල්පියාගේ නොමනා ක්‍රියාව නිසා මුස්ලිම්වරුන් අතර හටගත් කෝපය 2006 දී ඩෙන්මාර්ක් විරෝධි ව්‍යාපාරයක් ගොඩනැගීමට පවා ඈතට දිව ගියේය. එවක ඩෙන්මාකයේ මුස්ලිම් රටවල් වල තානාපතිවරුන් මීට එරෙහිව විරෝධයක්ද පැවැත්විය.

කෙසේ නමුත් ගෝලීය වශයෙන් මීට එල්ල වූ විරෝදය හා ඒ වෙනුවෙන් ගත් පියවර නිසා මේ වෙස්ටර්ගාඩ් නම් කාටූන් ශිල්පියා හා අදාළ සමච්චල් කාටූනයට සම්බන්ධ බහුතරයට සිදු වූයේ නාඳුනන ප්‍රදේශවල පොලිස් රැකවල් මත්තේ ජීවත්වීමට බවයි විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කර සිටියේ.