උස්බෙකිස්ථාන් කතක් ගණිකාවක් කළ අයකු අත්අඩංගුවට
උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක් මෙරටට ගෙන්වා ඇය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පුද්ගලයෙකු ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන අයෙකි.
සංක්‍රමණිකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේදී මේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට රැකියාවක් ලබාදන බව පවසමින් මීට මාස කිහිපයකට පෙර 36 හැවිරිදි මෙම කාන්තාව මෙරටට ගෙන්වා මෙලෙස ලිංගික කටයුතු සඳහා අලෙවිකර ඇති බව මේවන විට අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයාගේ, උස්බෙකිස්ථාන ජාතික බිරිඳ මෙවැනිම වරදක් සම්බන්ධයෙන් මේ වනවිට මෙරට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.