මියගිය දැරියට සාධාරණය ඉටු කරන්න – දමිළ ප්‍රගතිශීලී සන්ධානය ඉල්ලයි

දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හමු වී තිබෙනවා. එම සන්ධානයේ මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වේලු කුමාර් යන මන්ත්‍රීවරුන් මේ සඳහා එක්ව සිටියහ.

දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිට මියගිය බාල වයස්කාර දැරිය සම්බ්න්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාල දැරිය ගින්නෙන් පිලිස්සී මිය යෑමට පෙර දූෂණයට ලක්ව ඇති බව මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ භාරයේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බදියුදීන් මන්ත්‍රීවරයාගෙන්ද සාක්ෂි ලබාගැනීමට නියමිතව තිබෙනවා.