ලොව ධනවත්ම පුද්ගලයා අභ්‍යාවකාශයට

ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමසෝන් සමාගමේ විධායක නිලධාරී ජෙෆ් බෙසොස් අද අභ්‍යවකාශයට යාමට නියමිතයි.

ඒ අනුව ඔහු කිලෝමීටර 100 ක් ඉහළට ගමන් කරනු ඇති.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජෙෆ් බෙසොස්ට අයත් බ්ලූ ඔරිජින් සමාගම සාදන ලද නිව් ෂෙෆර්ඩ් නැමති රොකට් යානය ඊට භාවිත කරන අතර ඒ සදහා ඔහු ගත කරන කාලය මිනිත්තු 11 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඒ අනුව ඔහු මෙලෙස අභ්‍යවකාශයට ගිය දෙවන ප්‍රකෝටිපතියා බවට පත්වනු ඇති.

ජෙෆ් බෙසොස් සමග අභ්‍යවකාශයට යාමට ඔහුගේ සහෝදර මාර්ක් බෙසොස් සහ වැලී ෆන්ක් නමැති 82 හැවිරිදි ගුවන් නියමුවරියකද එක්වීමට නියමිතයි.

ඒ අනුව ඇය අභ්‍යවකාශයේ ඉහළටම යන වයස්ගතම කාන්තාව වනු ඇති.

එමෙන්ම උසස් අධ්‍යාපනය ලබන ඔලිවර් ඩේමන් නැමති 18 හැවිරි ධනවත් සිසුවෙකුද එම යානයෙන් ගමන් කරන අතර ඔහු ගෙවීමක් කර මගී රොකට් යානයකින් අභ්‍යවකාශයට යන ප්‍රථමයා වන බව සදහන්.

පසුගිය සතියේ ප්‍රකෝටිපතියෙකු වන රිචඩ් බ්‍රැන්සන් ප්‍රථම වරට අභ්‍යවකාශයේ කිලෝමීටර 86 ක් ඉහළට ගමන් කරනු ලැබුවා.