ඩයගම දැරිය හිෂාලිනිගේ අකල් මරණය ගැන නිසි විමර්ශනයක් සිදු කරන්න : දමිළ ප්‍රගතිශීලී සන්ධානය

ඩයගම දැරිය හිෂාලිනිගේ අකල් මරණය ගැන කරන විමර්ශන , කිසිම පීඩනයකට යටත් නොවී විමර්ශනය සිදු කලයුතු අතර , අලුත් පොලිස් කණ්ඩායමකට විමර්ශන කිරීම භාර දියයුතුයි දමිළ ප්‍රගතිශීලී සන්ධානය ඉල්ලාසිටී.

මෙම විමර්ශනයෙන් බොරැල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද බාලසූරිය ඉවත් කරන ලෙසත් . ඔහුගේ විමර්ශන කටයුතුවල කිසිදු විනිවිදභාවයක් නොමැතිබවත් ඔවුන් තව දුරටත් පෙන්වා තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වළදැමූ හිෂාලිනිගේ දේහය නැවත ගොඩ ගෙන, නව අධිකරණ වෛද්‍ය විමර්ශන වාර්තාවක් ලබා ගත යුතුයයි ,
කොළඹ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මුන ගැසී දමිළ ප්‍රගතිශීලී සන්ධාන නායක මනෝ ගනේෂන්, උප නායක පළනි දිගාම්බරම්, වේලුකුමාර් පා.ම., උදයකුමාර් පා.ම. යන අය අවධාරණය කළහ.

නියෝජ්‍ය පොලිස්පති තුමා ගෙන්, දමිල ප්‍රගතිසීලි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දුරටත් විමසා සිටියේ,
“මේක දමිළ, මුස්ලිම්, සිංහල ජන වාර්ගික ප්‍රශ්න නෙවෙයි. ආණ්ඩු පක්ෂ, විපක්ෂ දේශපාලනික ප්‍රශ්නයකුත් නෙවෙයි. නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයකි ”

“හිෂාලිනිගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩි විස්තර, මෙම නව පොලිස් කණ්ඩායම සොයාගෙන රටට හෙළි කළ යුතුය”

ගෘහ සේවිකාවක් වශයෙන් නිරතවීමට හිෂානිගේ වයස ප්‍රමානවත් ද?

ඇයගේ මරණය සිදුවුයේ කෙසේද ?

සිදුවී ඇත්තේ සියදිවි නසා ගැනීමක් යන තීරණයට බොරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති බාලසූරිය පැමිනියෙ කෙසේද ?

ඇය සියදිවි නසා ගත්තා නම්, එයට හේතුව මොකක්ද?

ඇය සියදිවි ගසා ගැනීමට පෙළඹුවාද? ඇය ලිංගික අතවරයට ලක්වුණාද?

ඇය සේවය කළ නිවසේ සියලුම සාමාජිකයන්ගෙන් ගත් ප්‍රකාශයන් සහ ප්‍රශ්න කිරීම් විස්තර මොනවාද?

ඔවුන් සියල්ලන්ම සම්පූර්ණයෙන් විමර්ශනයට ලක්වුණා ද?

හිෂාලිනි සේවය කල නිවසෙ පවුලේ සාමාජිකයන් අතර, ඔහුන්ගෙ වැඩට අමතරව වෙනත් සම්බන්ධයක් ඇයට තිබුණාද?

“ගින්න සඳහා පාවිච්චි කළ ලයිටර් එක කාගේ ද?

භූමිතෙල් වක්කර ගැනීමෙන් සියදිවි නසාගත් බව කියන බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද බාලසූරිය, සියදිවි නසාගැනීමට තැත් කරන කෙනා සාමාන්‍යයෙන් භූමිතෙල් ඔළුවට වක් කර ගන්නේ නැතුව, ඇයි තමාගේ කකුලට වක් කරගත්තේ යන එකට දෙන පැහැදිලි කිරීම මොකද්ද?

මෙවැනි ප්‍රශ්න වලට උත්තර , පොලිස් විමර්ශන කණ්ඩායම විසින් ඉතා ඉක්මනින් රටට හෙළිකළ යුතුයි.

“අපරාධයක් සිදුවී ඇත්නම්, වැරදිකරුවන් කවුරුන් හෝ වේවා, ඔවුන්ට එරෙහිව තරාතිරම් නොබලා චෝදනා පත්‍රයක් ගොනු කළ යුතුය. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගත යුතුය. මේ සියල්ල අපි අධීක්ෂණය කරමින් ඉන්නේ.” යනුවෙන් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේසන් මහතා තම මුහුණු පොතේ සඳහන් කර ඇත.