උතුරු මැදින් හමුවූ ටීනියා දිලීරය ගැනත් අවධානයෙන්

වැඩිහිටියන් සහ ළමයින් අතර සීග්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.

චර්ම රෝග විශේෂඥයන්  පෙන්වා දෙන්නේ ටීනියා නැමති මෙම දිලීරය ආසාදිත චර්ම රෝගීන් උතුරුමැද ඇතුලු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පාරිසරික හේතු, ඖෂධවල අසාත්මිකතාවන් සහ සමාජ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලෙස මෙම දිලීරය ඇතිවිය හැකියි.

මෙය ආසාදනය වුවහොත් සුවය ලැබීම සඳහා මාස 6ක කාලයක් ප්‍රතිකාර ලබාගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.