කොතලාවල පනතට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට 2 වැනිදා වැඩමුලුවක්! 3 පාර්ලිමේන්තුවට!

මතභේදාත්මක කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (කේඩීයූ) පනත් කෙටුම්පත පිළිබඳ වැඩමුළුවක් අගෝස්තු 2 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම වැඩමුළුව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

යෝජිත පනත් කෙටුම්පත අගෝස්තු 3 වනදා පාර්ලිමේන්තුවේදී අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

යෝජිත පනත් කෙටුම්පතට ද තම සංශෝධන ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්ද කොට ඇත.