මානව හිමිකම් නීතිවේදිනී මනෝරි මුත්තෙට්ටුවෙගම සමුගනී !

ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක වූ නීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය අභාවයට පත්ව තිබෙනවා. මෙරට වාමාංශික ව්‍යාපාරයේ ආරම්භක නායකයෙකු වූ නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දියණියක වූ මනෝරි මුත්තෙට්ටු‍වේගම මහත්මිය, කොමියුනිස්ට් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම මහතාගේ ආදරණීය බිරිඳයි.

අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්ති ඉටුකිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් සිදුකළ මුත්තෙට්ටුවේගම මහත්මිය සංවිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස කටයුතු කළාය. පසුව පිහිටවූ අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා අඩිතාලම වැටුනේ එම කාර්ය සාධක බලකායේ ක්‍රියාකාරීත්වයයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සිය ජීවිතය පුරා උතුරේත් දකුණේත් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි මුත්තෙට්ටුවේගම මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මෙන්ම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකාවක් ලෙසද සිය දායකත්වය ලබා දුන්නාය.