ගිනිගත් නැවෙන් යළි මුහුදට තෙල් කාන්දුවෙන්න පටන් අරන්!

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් යළිත් වතාවක් තෙල් කාන්දුවීමක් හටගෙන ඇති බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ද එය තහවුරු කරමින් කියා සිටියේ ‌නෞකාව ආසන්න කලාපයේ තෙල් කාන්දුවක සලකුණු දැකගන්නට ඇති බවත්, එය කුමන වර්ගයේ ‌ඉන්ධනයක්ද සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඊයේ දින අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එම ස්ථානයෙන් ඉවත් කර ගැනිමට අදාළ සමීක්ෂණ කිරීම සඳහා අදාළ සමාගම මඟින් කණ්ඩායමක් යොමු කර ඇති බවද දැනගන්නට තිබේ.