DFCC – යූනියන් බැංකු 2ට ලක්ෂ 30ක දඩයක් ගහයි

මෙරට පෞද්ගලික බැංකු 2කට මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් රුපියල් මිලියන 03ක (ලක්ෂ 30ක) දඩ නියම කර තිබේ.

මෙසේ දඩ නියමව ඇත්තේ ඩී.එෆ්.සී.සී. බැංකුවට සහ යූනියන් බැංකුවටය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව යූනියන් බැංකුවට ලක්ෂ 20ක දඩයකුත් ඩී.එෆ්.සී.සී. බැංකුවට ලක්ෂ 10ක දඩයකුත් ගෙවීමට නියම කොට ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ රෙගුලාසි යටතේ ‌මෙම දඩ නියම කර ඇත. 

2016 අංක 1 දරන මූල්‍ය ආයතන රීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් මෙලෙස දඩ නියම කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි ය.