රිෂාඩ්ගේ බිරිඳ, මාමා, මස්සිනා රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණ අවසර
රිෂාඩ් බද්යුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරියක් මියයෑම හා තවත් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා, බිරිඳගේ සහෝදරයා හා දැරිය නිවසට ගෙන ආ තැරැව්කරු ඇතුළු 4 දෙනා රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය.
සැකකරුව අද දිනයේදී කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර දුන්නේය.
සැකකරුවන් පැය 72ක කාලයක් රඳවා ගැනීමට අවසර දුන් අතර ඔවුන් ලබන සඳුදා දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.