රෝහලේ සිටි රෝගියාගේ ඩෙබිට් කාඞ් එක උස්සලා ලක්‍ෂ 14 ක් පන්නලා
– සැකකරු අල්ලන්න පොලිස් විමර්ශන
– කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි රෝගියකුගේ මුදල් පසුම්බියේ තිබූ ඩෙබිට් කාඞ්පත (ණය පත) සොරාගෙන ඒ. ටී. එම්. යන්ත‍්‍රයකින් රුපියල් ලක්‍ෂ 14 මුදලක් වංචනිකව සොරාගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
මතුගම ඕවිටිගල පදිංචි ගුණරත්න ජයලත් නමැත්තා ඊයේ (2 දා) දහවල් කරන ලද පැමිණිල්ලක් අනුව කළුතර දකුණ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් මෙම පරීක්‍ෂණය ආරම්භ කර ඇත.
අසනීපයෙන් පසු වු තමා කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙම ක්‍රෙඩිට් කාඞ්පත සහිත මුදල් පසුම්බිය සොරාගෙන ඇතැයි ද ඉකුත් 29 වැනිදා තමා රෝහලෙන් පිටව ගොස් ඊයේ (2 වැනිදා) බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමේදී මෙම මුදල් වංචාව ගැන දැනගත් බව ද ඔහු පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම වංචාව පිළිබඳව කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, කළුතර දකුණ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පිට කළුතර අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නයනජිත්, පොලිස් පරීක්‍ෂක පොන්සේකා යන මහත්වරුන් ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් පරීක්‍ෂණ කර ඇතැයි පොලිසිය පවසයි. මෙම වංචාව පිළිබඳව ඉදිරි දින කීපයේදී අධිකරණයට කරුණු වාර්තාකර බැංකු ගිණුම් හා ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කරන බව ද පොලිසිය පවසයි.