ළමා ආරක්ෂක අධිකාරි කාර්යාල ඉල්ලමින් විරෝධතා..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ජේ.ඉෂාලිනි දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් සහ ළමුන් ආරක්ෂා කර ගැනිම සදහා අලුතින් නිති සකස් කල යුතු බවට බල කරමින් හැටන් නගරයේ (24) දින උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඉරොස් ප්‍රජාතන්ත්‍රාවාදි පෙරමුණ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හැටන් නගර මධ්‍යයෙන් ආරම්භ කල උද්ඝෝෂණය හැටන් නගර මධ්‍යයෙන් හැටන් බස් නැවතුම්පොල දක්වා ගමන් කරනු ලැබුවා.

උද්ඝෝෂනය සංවිධානය කල එම සංවිධානයේ ජාතික සංවිධායක ජිවන් රාජෙන්ද්‍රන් මහතා කියා සිටින්නේ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාදේශිය මට්ටමෙන් ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යාල පිහිටු විය යුතු බවයි.

තවද නිදහස් අධ්‍යාපනය තුල අවු 18 දක්වා  ළමුන්ට පාසල් යාමට අවශ්‍ය නිති සම්පාදනය කල යුතු බවත්,අවු 18 ට අඩු ළමුන් මෙහෙකාර සේවයේ යොදවාගන්නා අයට සහ ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිමට අනුබල දෙන පුද්ගලයන්ට සහ දෙමව්පියන්ටද අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිම සදහා අවශ්‍ය නිති සම්පාදනය කල යුතු බවද ජිවන් රාජෙන්ද්‍රන් මහතා කියා සිටියි.

දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සියළු දෙනාම අධිකරණයට ඉදිරිපත් කර උපරිම දඩුවම් ලබා දිය යුතු බවද එම උද්ඝෝෂණයට එක් වි සිටි මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ස්වාධින මන්ත්‍රි සුරේෂ් කුමාර් මහතා කියා සිටියේ.