05 වසරේ සිසුවකුට ඩෙල්ටා…
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දී පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන එකොළොස් හැවිරිදි පාසල් සිසුවෙකු හඳුනාගත් බව ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අර්.ජේ. සිංහබාහු මහතා (24)දින පැවසීය .
බේරුවල ,හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පාසැල් සිසුවා මේ වන විට ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුලත් කර වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන බව බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සඳහන් කළහ .
මේ අතර අද දහවල් අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ මංගල උත්සව ශාලා පරිශ්රයක දී පුද්ගලයින් 143 සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් එම අවස්ථාවේදීම කොරෝනා ආසාදිත පුද්ගලයන් 47දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි .