සාමාන්‍ය පෙළ මසකින් කල් යයි!
2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය මසකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව එම විභාගය 2022 වසරේ පෙබරවාරි මස 21 සිට මාර්තු මස 03 වනදා දක්වා දිනවල පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
2021 වර්ෂයේ සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.