දින 11ක බිළිඳියක් ඇතුළු එකම පවුලේ 4කට කොවිඩ්

හපුතලේ, කොස්ලන්ද, කොළොන්ගස්තැන්න ප්‍රදේශයේ දින 11 ක් පමණ වයසැති බිළිඳියකට, ඇගේ මවට, පියාට සහ මිත්තණියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව එම සිව්දෙනාම කොළඹ IDH රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්හ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

බිළිඳියගේ සීයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු තොග වෙළෙන්දෙකු ලෙස සේවය කර තිබු අතර ඔහුද ආසාදිතයෙකු බව මීට පෙර හඳුනාගෙන තිබුණි.

මේ අතර, පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු එහි වාර්තා ලැබීමට පෙර සෞඛ්‍ය අංශ උපදෙස්ද නොතකා  ගාල්ල ධීවර වරාය වෙත පැමිණි හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බව අද (03) තහවුරු වී තිබේ.

ඔහු ඉකුත් දින කිහිපයේම ධීවර වරාය වෙත පැමිණ තිබීම හේතුවෙන් ධීවර සමිති මැදිහත් වී වරාය පරිශ්‍රය හා බෝට්ටු කිහිපයක් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගත් බව අප වාර්තාකරු පැවසීය.