පැයක කතාවකට ගිය ශ්‍රීලනිපයට ජනපති පැය දෙකහමාරක් දෙයි!
ශ්රීලනිපය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද දින පැවැත්වීමට සැලසුම් කර තිබූ පැයක සාකච්ජාව පැය දෙකහමාරක් පුරා ඇදී ගොස් ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී ශ්‍රී ලනිප නියෝජිතයන් තම පක්ෂ සාමාජිකයන්ට වත්මන් ආණ්ඩුව යටතේ සිදුව ඇති කෙණෙහිලිකම් සහ දෙපාර්ශ්වය අතර අස්සන් කළ ගිවිසුම පිළිබදව අවධානය යොමු කොට ඇති බව වාර්තා වේ.
මෙහිදී දෙපාර්ශ්වය අතර ගැටලු විසදා ගැනීම සදහා පොදු යාන්ත්‍රණයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද දැනගන්නට ඇත.
මීට අමතරව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ වර්තමානයේදී ආණ්ඩුව මුහුණ දෙන ප්‍රශ්න පිළිබදවද ශ්‍රි ලනිපය සාකච්ජා කොට තිබේ.
එහිදී සියලු කරුණුවලට ජනාධිපතිවරයා සාධනීය ප්‍රතිචාර දක්වා ඇති බව දැනගන්නට ඇත.
මෙම සාකච්ජාවට මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාලද සිල්වා, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන මහත්වරු සහභාගී වී සිටියහ.