හිෂාලිනී දැරියගේ මරණයට බදුයුදීන් අත්අඩංගුවට ගනියි!
සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදා ගෙන සිටි බාලවයස්කාර දැරියක් මිය යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් නීති කෘත්‍යය අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා මෙය දැනුම් දී ඇත.
දැනට සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනා එළඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර බදුයිදීන් මහතාගේ බිරිඳ ද සිටී.
බදුයුදින් මහතා මේවන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවාගෙනය.