කොතලාවල ගැන කියන්න චමල් ආණ්ඩුවටම එන්න කියයි!
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ජන්ද විමසීම පැවැත්වෙන අගෝස්තු 06 වැනිදාට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ජාව අගෝස්තු 03 අඟහරුවාදා ප.ව. 2.00ට එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද ලබා දී තිබෙන බව සභානායක කාර්යාලය නිවේදනය කොට ඇත.
සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.