ශ්‍රී ලංකා රේගුවත් ඔන්ලයින් ලිපි ලේඛන ඩිජිටල්කරණයෙන් සහතික කිරීම අරඹයි

ශ්‍රී ලංකා රේගුව මෙරට ආනයන අපනයන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඔන්ලයින් ලිපි ලේඛන ඩිජිටල්කරණයෙන් සහතික කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා ලංකා සයින් ඩිජිටල් සහතිකකරණය හඳුන්වාදීමට ශ්‍රී ලංකා රේගුව, ලංකා ක්ලියර් ආයතනය සමග ගිවිසුමකට ද එළඹුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ආනයන, අපනයන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම රටක ව්‍යාපාරික කටයුතු පහසුවෙන් සිදුකිරීමේ දර්ශකයේ වැදගත් නිර්නායකයක් වනවා.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා රේගුවට අදාළ ලිපිලේඛන ඉදිරිපත් කෙරුණේ භෞතික ආකාරයෙන්. ඒ සඳහා ශ්‍රී ලංකා රේගුව මේ වනවිට ඔන්ලයින් ක්‍රමයට ලිපිලේඛන ඉදිරිපත් කිරීමේ “ඇසිකියුඩා” පද්ධතිය හඳුන්වා දී තිබෙනවා.