ඉෂාලිනිගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර , වැඩිදුර වාර්තා සඳහා රසායනාගාර වෙත යොමුකර තිබේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේදී පිළිස්සීමකට ලක්ව පසුගිය කොළඹ ජාතික රෝහලේදී මියගිය දැරියගේ දේහයට අදාළ දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය අද දිනයේදී සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජත් රෝහණ මහතා සඳහන් කළේ පේරාදෙණිය රෝහලේදී අද පෙරවරු 8.30ට ආරම්භ වූ එම පරීක්ෂණය පස්වරු 5.15 දක්වා පැය 9කට ආසන්න කාලයක් පවත්වා ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විශේෂඥයින් තිදෙනෙකුගෙන් සමන්වත කණ්ඩායමක් මගින් සිදුකළ මෙම පරීක්ෂණයේදී දේහය ප්‍රථමයෙන් සී.ටී. ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තිබේ. පසුව දීර්ඝ ලෙස පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබේ.

මෙහිදී සිරුරේ විවිධ කොටස්වලින් සාම්පල ලබාගෙන ඒවා වැඩිදුර වාර්තා සඳහා රසායනාගාර වෙත යොමුකර තිබේ.

එම පූර්ණ වාර්තා ලැබෙන තෙක් මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැබීමට නියමිතය.