පැරදිලා පැරදිලා දින්නාට කෝටි 2ක්!
ඉන්දියාව හා පැවැති 20- 20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලක්ෂ 200ක මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ගත් තීරණයක් අනුව මෙම මුදල් කණ්ඩයම වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රථමවරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව සමග පැවති 20 20 තරගාවලියකින් ජය ගැනීම හේතුවෙන් මෙම මුදල් ත්‍යාගය ලබා දීමට තීරණය කළ බව දැනගන්නට ඇත.