කාමරයේ මගේ මරණයට හේතුව යන සටහන ලිව්වේ ඉෂාලිනිද?
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිට පිළිස්සුම් තුවාල ලබා මියගිය ඉෂාලිනි නම් දැරිය රැඳී සිටි කාමරයේ බිත්තියේ මගේ මරණයට හේතුව වශයෙන් සටහනක් ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දෙමළ අර්ථයක් දෙන ඉංග්‍රීසි අකුරු වලින් මෙම සටහන තබා තිබූ බවද හෙතෙම කියා සිටියේය. (එන් සාවුක්කු කාරණම් -En Savuku Karanam – මගේ මරණයට හේතුව)
පෑනකින් ලියා තිබුණු බව කියන එම වැකිය දැරිය විසින් ලියූ එකක්ද, එසේත් නැත්නම් දැරිය පිලිස්සී මියයෑමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු නොමඟ යැවීම සඳහා සිදු කළ ක්‍රියාවක්ද යන්න තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
රස පරීක්ෂකවරයා සහ ඇඟිලි සටහන් විශේෂඥයන් පසුගිය 2වනදා , මෙම නිවස පරික්ෂා කර ඇති අතර නිවසේ තිබූ දැරියගේ පොත් පත් රැසක් සිය භාරයට ගෙන තිබේ.