රෝහල්වල ඉන්නවාට වඩා පස්ගුණයක් රෝගීන් එළියේ…! වෛද්‍ය සංගමයේ සභාපති

කොළඹ ශ්‍රි ලංකා ජාතික රෝහල ඇතුළු බස්නාහිර සියලුම රෝහල් කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් පිරී ඇති තත්ත්වයක් පවතින මේ මොහොතේ සමාජයේ ගැවසෙන කොවිඩ් ආසාදියන් ප්‍රමාණය රෝහල්ගතව සිටින ප්‍රමාණය මෙන් පස් ගුණයක් විය හැකි බවත්, රෝගය ව්‍යාප්ත වීම අවම කිරීම සම්බන්ධයෙන් දැඩි වගකීමකින් යුතුව අපට කටයුතු කළ යුතුව ඇති බවත් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ යළිත් ඉතා ශිඝ්‍රයෙන් මේ වනවිට රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පවතින බවත්, ඊට බොහෝ විට හේතු වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ දායකත්වය විය හැකි බවත්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය හැටියට අප මීට දින 10කට පමණ පෙර රටේ රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟෙවෙවා අදාළ බලධාරීන්ට මේ බව ප්‍රකාශ කළා. නමුත් මේ පනිවිඩය කෙතරම් දුරට ගත්තද කියල අපට විශ්වාසයක් නැත්තේ රටේ ජනතාව පසුගිය දින කිහිපයේදී හැසුරුණු ආකාරය දුටුවාමයි.මේ වැඩිවන රටාව අනුව ඉතා දරුණුවට යයි කියල පුරෝකථනය කරන්න වෙනවා. මේ ප්‍රමාණය ආවේ ඇල්ෆා ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ වේගවත් බව නිසා ඉතා වේගයෙන් රෝගය පැතිරෙන තත්ත්වයක් පවතිනවා. රෝහල් පද්ධතියට දරන්න බැරි තරමට දැනටම රෝගීන් පිරිලා.ඊට අනුකූලව අපි දන්නවා අ