රිෂාඩ් CIDයෙන් එළියටවිත් , බන්ධනාගාරයතුලට යයි

අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව ලබන 18 තෙක් බන්ධනාගාරගත කරන ලෙස අද (10) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් සැකකාර හිටපු අමාත්‍යවරයා පසුගිය අප්‍රේල් 24 අලුයම වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නා ලදි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අනතුරුව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගයක් ලබාගත්තේය.