අද දිනට කොරෝනා මරණ 5ක්: මරණ ගණන 29ක් දක්වා ඉහළට
තවත් කොවිඩ්-19 මරණ 5ක් අද (4) දිනය තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මිය ගිය අය අතර කොළඹ 2 ප්‍රදේශයේ 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ 68 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්‍රදේශයේ 58 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 15 ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අදාළ නිවේදනය පහතින්.