අද දිනයේ පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනය තුල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.
සෙසු ප්‍රදේශවල අද (11) සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පවසන එම දෙපාර්තමේන්තුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් (40-50) පමණ දක්වා වැඩි විය හැකි බව දැනුම් දෙනවා.