ගම්පහ කොරෝනා 7003කට හවුහරණක් නෑ ; මෘතදේහ ආදහනය කාඩ්බෝඩ් පෙට්ටිවල

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා අසාදිතයන් ලෙස හඳුනාගෙන ගන්නා ලද පුද්ගලයන් 7,003 දෙනෙකු රෝහල් ගත කිරීමක් හෝ නිවාස ගත රැකබලා ගැනීමට ලක් නොකොට හවුහරණක් නොමැතිව සිටින බව එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී හෙළිව තිබේ.

පසුගිය සතියේදී බස්නාහිර පළාතෙන් කොරෝනා රෝගීන් 12,555 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් රෝහල්ගත කර ඇත්තේ 4,046ක් පමණක් බවද පැවසේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊට අමතරව නිවාසගත රැකබලා ගැනීම සඳහා 1,506 දෙනෙකු යොමුකර තිබේ.

මෘතදේහවලට කාඩ්බෝඩ් පෙට්ටි

රාගම රෝහලේ මේවන විට කොරෝනා වලින් මියගිය මෘතදේහ ඇත්තේ 18ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහන් ප්‍රදීප් මහතා කියා සිටියේය.

මින් ඉදිරියට කොරෝනා මෘතදේහ ආදහනය කිරීමට ලී පෙට්ටිය වෙනුවට කාඩ්බෝඩ්වලින් සකසන ලද පෙට්ටියක් යොදා ගැනීමට කටයුතු කරණ බවද ඔහු කියා සිටී.