කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 2000ක් – දිස්ත්‍රික් ලේකම්
කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයන් 2,000ට අධික පිරිසක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරයි.
ඒ අනුව, මේ වන විට 5,800කට වැඩි පවුල් ප්‍රමාණයක 2,0000කට වැඩි සාමාජිකයන් පිරිසක් නිරෝධායනය කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
එම පවුල්වලට සති දෙකකට සරිලන ආකාරයේ සලාකයක් ලබා දී ඇති බවත් යම් හෙයකින් එය නොලැබුණු අය සිටී නම් තම ප්‍රදේශයේ ග්‍රාම සේවක, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලිසිය හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ඒ මහතා දන්වා සිටී.
එසේ ම, 0112369139 දුරකතන අංකය ඔස්සේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇමතීමෙන් ද ඒ පිළිබඳව දැනුවත් කළ හැකි බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.