ජනාගේ පියා අභාවප්‍රාප්ත වෙයි!

“ජනයි ප්‍රියයි” ජනප්‍රිය ප්‍රහසන යූ ටියුබ් වීඩියෝවල රංගන ශිල්පී රංග ජයකොඩි මහතාගේ (ජනා) ආදරණීය පියාවන ගාමිණී ජයකොඩි මහතා අද (14) පස්වරුවේ අභාවප්‍රාප්තවී ඇත.

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝගාතුරව සිට ඒ මහතා මෙසේ හදිස්සියේ අභාවප්‍රාප්ත වනවිට 51 හැවිරිදි වියේ පසුවිය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔහු හිටපු නාවික හමුදා නිලධාරියකු වන අතර ඒ මහතා වරාය අධිකාරියේද සේවය කර තිබේ.

ඒ මහතාගේ අවසන් කටයුතු හෙට දිනයේදී සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා සහභාගිවිය හැක්කේ ඥාතීන්ට පමණකි.

සිය සගයා ජනාගේ පියාගේ අභාවය ගැන චමල් රත්නායක (ප්‍රියා) ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.

සුවහසක් මිනිසුන්ගේ මුවගට සිනහවක් ගෙනෙන්නට පින්වත් පුතෙකු බිහිකල ඔහු අද අප කාටත් නොකියා ජීවන ගමන නිමා කර ඇත… කොවිඩ් නම්වූ ඇසටවත් නොපෙනෙන සතුරා ජනාගේ(රංග ජයකොඩි) ආදරණීය පියාණන්ගේ ජීවිතය සොරාගෙන අවසන්…

ආදරණීය පියෙකු ලෙස ඔහු ගැන මතක ගොන්නක් මගේ හිතේ අදටත් සුන්දරව ඉතිරි වෙලා තියෙනවා…. කිසිදු මිනිසෙකුට අඹමල් රේණුවකදු වරදක් නොකර ජීවන ගමන අවසන් කල මිනිසෙකු ලෙස ඔහුගේ නම ඉතිහාසයට එකතු වේවි…. දහසකුත් හිත්තැවුල් ඇති මිනිසුන්ගෙ මොහොතකට හෝ මුවගට සිනහවක් ගෙනෙන්නට දක්ෂතාවය ඇති ජනා වැනි පුතෙකු මෙලොවට බිහිකිරපු පිනම ඇති තාත්තෙ මේ සසර ගමනේ කෙලවරක් දකින්න… ආදරේට අපි කිව්වෙ ගාමිණී තාත්තේ….මේක දරන්න බැරි ඉවසන්න වෙන දුකක්… ඒත් ආපු අපි හැමෝම යන්න ඕනි… ඒක තමයි ධර්මය…හැමෝගෙන්ම ඉල්ලන්නෙ එකයි “පුලුවන් තරම් පරිස්සම් වෙන්න”……

සුබ ගමන් ගාමිණී තාත්තේ…
~ ප්‍රියා