ලෙබනනයේ ඉන්ධන බවුසරයක් පිපිරී 22 දෙනෙකු ජිවිතක්ෂයට
ලෙබනනයේ උතුරුදිග – අල් ටලීල් ප්රදේශයේ වැඩි මිලට විකිණීම සඳහා සගවා තිබූ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම ඉන්ධන බවුසරය අත්පත් කර ගත් ආරක්ෂක අංශ එහි ඉන්ධන ජනතාවට බෙදා දෙමින් සිටින විටයි පිපිරීම සිදුව ඇත්තේ.
එහිදී පුද්ගලයින් අතර ඇති වූ බහින් බස්වීමක් නිසා වෙඩි තැබීමක් සිදුවූ බවත් එම වෙඩි ප්රහාරයට ලක්වීමෙන් ගින්න හට ගත් බවත් ඇතමුන් ප්රකාශ කළා.
එහෙත්, රොයිටර් පුවත් සේවය සඳහන් කරන පරිදි තවත් ඇසින් දුටුවෙකු ප්රකාශ කර ඇත්තේ කිසිවෙකු විසින් ලයිටරයක් දැල්වීමත් සමග ගින්න හට ගත් බවයි.
පිපිරීම සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 200 දෙනෙකු පමණ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි අතර, 79 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.