අද දිනයට සීමා වන පාර්ලිමේන්තු රැස්වීම

මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වීම අද දිනයට පමණක් සීමා වී ඇති අතර ඒ අනුව පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පෙරවරු 11 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, 11 සිට පස්වරු 4.30 දක්වා කොරෝනා වෛරස් රෝගය පිළිබඳ තාවකාලික විධි විධාන පනත් කෙටුම්පත, නිෂ්පාදන බදු පනත යටතේ නියමයන් ද්විත්වයක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනා ද්විත්වයක් විවාදයට ගනු ඇති.

පස්වරු 4.30 සිට 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය ලබා දී ඇති අතර අනතුරුව පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂයෙන් ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් ඊයේ අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වෙන නමුත් එය එදින පැවැත්වූයේ නැහැ.