යාල අලියාට වෙඩිතැබූ සැකකරුවෙකු තුවක්කුව සමග අල්ලගනියි

යාල කලාප අංක තුන ප්‍රදේශයේදී වන අලියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරු වෙඩි තැබීමට යොදා ගත් බව කියන ගිනි අවියේ හිමිකරු බවට සැකකරන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන තුනක් ක්‍රියාත්මක වේ.

ඒ, අනුව වන ජීවි දෙපාර්තමේන්තුවෙන් එක් විමර්ශනයක්, පොලිස් විමර්ශනයක් සහ ඒකාබද්ධ විමර්ශනයක් ලෙස විමර්ශන තුනක් ක්‍රියාත්මකයි.

වනජිවී අපරාධයක් සේ සලකා අදාළ විමර්ශන ක්‍රියාත්මක වන්නේ, වන ජීවි සහකාර අධ්‍යක්ෂවරයෙකුගේ ප්‍රධානත්වයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන්, මේ වනවිට අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මරණ පරීක්ෂණය ද සිදුකර අවසන් ය.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, සිරුර සම්බන්ධ අවසන් කටයුතු අධිකරණ නියෝග මත සිදුකරන බවයි.

ඝාතනයට ලක්වූ වන අලියාට වෙඩි තබා ඝාතනය කරන්නට ඇතැයි, මෙතෙක් කරන ලද විමර්ශනවලින් අනාවරණ වන එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වන අලියාගේ පණු දළ යුගලය ද රැගෙන ගොස් ඇතැයි, මේ වන විට අනාවරණ වේ.