පාර්ලිමේන්තුවේ RAT පරීක්ෂණ 275න් 12ක් පොසිටිව්
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙසට හඳුනාගෙන තිබෙනවා. ඒ අද සිදු කළ අහඹු පරීක්ෂණ 275කින්.
පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟයි පාර්ලිමේන්තුව තුළ අද අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබුනේ.
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්, ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ද මෙලෙස කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළා.
අද උදෑසන 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුලදීයි මෙම අහඹු රැපිඩ් පරීක්ෂණ සිදු කෙරුණේ.
හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂක කැමරා පද්ධතිය මගින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරීමට මෙන්ම අදාළ අංශ විෂබීජානුහරණය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට (18) සිට නැවත දැනුම්දෙන තෙක් අවම කාර්ය මණ්ඩලයක් සහිතව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමටයි තීරණය වී ඇත්තේ.