කොවිඩ් මර්දනය දෙවියන්ට භාරදීලා , ජනාධිපතිතුමාත් පරාජය භාරගෙන අවසන් – මනෝ (VIDEO)
කොවිඩ් මර්දනය සඳහා විපක්ෂයෙන් නිසි සහය නොලැබෙන බවට බොරු චෝදනා නොකර 2005දී සම්මත කරගත් ව්‍යසන කළමනකරණ පනතට අනුව එම කමිටුව කැඳවා වහාම කොවිඩ් 19 වසංගතය මර්දනය සඳහා මැදිහත්වන ලෙස දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නායක මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා අද (18)අගමැතිවරයාට අවධාරණය කළේය.
එදා මෙම පනත සම්මත කරගත්තේද මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ වන හෙයින් අද ද කීමට ඇත්තේ තවදුරටත් නොනිදා සිට මෙයට මැදිහත්වන ලෙස යැයි මන්ත්‍රීවරයා පැවසුවේය.
ක්‍රියාත්මක වීමට අවශ්‍ය යාන්ත්‍රණය තිබියදී තවදුරටත් මිනිස් ජීවිත බිලිගන්නට ඉඩහැර අපරාධ සිදුනොකරන ලෙසයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
අනතුර දැනගෙන ස්වෙච්ජාවෙන් ජනතාව කඩ සාප්පූ වසා දමන විට එහි වරද පටවන්නේද විපක්ෂයට බවයි ඔහු ප්‍රකාශ කළේ.
එමෙන්ම මේ වන විට කොවිඩ් මර්දනය දෙවියටන්ට භාර දී ජනාධිපතිවරයාද ප්‍රසිද්ධියේ පරාජය බාරගෙන සිටින බවයි මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවසුවේ.