අද (20) සිට හොංකොං , ලංකාව ද අවදානම් රටක් ලෙස නම් කරයි
කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන තිබේ.
එය අද (20) සිට බලපැවත්වෙන පරිදි එහි පාලනාධිකාරිය මෙම පියවර ගන ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයින් සදහා නිරෝධායන නීති දැඩි කිරීමටද හොංකොං පානාධිකාරියේ බලධාරීන් පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.
ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය , කාම්බෝජය , ප්‍රංශය ,ග්‍රීසිය ,ඉරානය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් 15ක්ද එහි අවදානම් රටවල් ලැයිස්තුවේ වෙති.