ඇමති බන්දුල වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

කඩිනමින් රට වසා දමන ලෙස ඉල්ලමින් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත ලිපියක් භාරදුන්නා.

කෙසේ වෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ රට වසා තිබෙන කාලසීමාවේ දී සෞඛ්‍ය, ආරක්ෂක නිලධාරීන් හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සහ සුළු කම්කරුවන්ගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කළ යුතු බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත් වසා තබන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් සියයට 75ක් රාජ්‍ය හා පෞද්ගලික සේවක වැටුපෙන් සියයට 50 ක්, සුළු කම්කරුවෙකුගේ වැටුපෙන් සියයට 30 ක් පරිත්‍යාග කිරීමට යෝජනා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ද ප්‍රකාශ කළේ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය සේවකයින් තම වැටුපෙන් කොටසක් කොවිඩ් අරමුදලට ලබාදීමට පියවර ගන්නේ නම් එය වත්මන් කොරෝනා ව්‍යාප්තියත් සමඟ සුදුසු වන බවයි.

මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිය මාසික මන්ත්‍රී වැටුපෙන් අඩක් කොරෝනා අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප කොවිඩ් අරමුදලට බැර කිරීම පිළිබඳ ව ජනාධිපති ලේකම් විසින් අමාත්‍යවරයාට ප්‍රශංසා කොට ලිපියක් ද යොමු කිරීමට යි පියවර ගෙන ඇත්තේ.

මේ අතර තමන් ද මන්ත්‍රී වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදලට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සඳහන් කළා.