කරාපිටිය රෝහල් කාර්යමණ්ඩලයේ 99 කට කොරෝනා
හදිස්සි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රොහලේ ඉකුත් අගෝස්තු 01 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලයේදී රෝහල් කාර්යමණ්ඩලයේ 99 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව එම රෝහලේ ආසාදන පාලන ඒකකය කියා සිටී.
මෙසේ කොරෝනා වැළඳී ඇති අය අතර වෛද්‍යවරුන් 08 දෙනෙකු, හෙද කාර්යාමණ්ඩලයේ 40 දෙනෙකු, කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ 38 දෙනෙකු, පරිපූරක වෛද්‍ය සේවාවාවේ 06 දෙනෙකු, භෞතචිකිත්සකවරයෙක්, ඕවයිසීවරුන් දෙදෙනෙකු, ලිපිකරුවන් දෙදෙනෙකු හා පිරිසිදු සේවයේ අයෙක් සිටින බව එම රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ අතර ගෙවුණු පැය 24 ක කාලය තුළ කොවිඩ් රෝගීන් 24ක් එම රෝහලෙන් වාර්තා වී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කර පුවත්පත වාර්තා කර තිබේ.