කොවිඩ් මරණ 7,000 ඉක්මවයි
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 198 ක් ඊයේ (20) තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ 7,000 ඉක්මවා තිබේ.
දෛනිකව තහවුරු වූ මරණ සංඛ්‍යාව 150කට වඩා වාර්තා වන්නේ පිටපිට දසවැනි දිනට වන අතර, මෙය දිනකදී තහවුරු කෙරුනු වැඩිම මරණ ගණන වේ.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 7,183 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!