ලබන මස සිට 18ත් 30ත් අතර පිරිස එන්නත්කරණයට

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා හතරක් මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළා.

මේ අතර ලබන මස 2 වන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන් සියයට 99 කට ඕනෑම කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී අවසන් කර තිබෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ 30 ට වැඩි ජනගහණයෙන් සියයට 48 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි.