පිය – පුතු දෙපළ කොරෝනා ආසාදනයවී මිය යයි : දෙදෙනම හිටපු කීර්තිමත් ක්‍ ක්‍රීඩිකයන්ය

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ විද්‍යාල ක්‍රිකට් සංගමයේ සාමාජිකයෙකු වූ සුල්කි මොහොමඩ් සහ ඔහුගේ පියා වන මරදාන සහිරා විද්‍යාලයේ හිටපු රග්බි ක්‍රීඩකයෙකු වූ ඉබ්රාහිම් හමීඩ් දින දෙකක් ඇතුළත කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියා.

කොළඹ ජීවත් වූ සුල්කි මොහොමඩ් සහ ඔහුගේ පියා ඉබ්රාහිම් හමීඩ් පෙරේදා මිය ගිය බව දැනගන්නට ලැබේ

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සුල්කි මොහොමඩ් 1991 සිට 1992 දක්වා කොළඹ රාජකීය විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනුනු සාමාජිකයෙකි. ඔහු කඩුලු රකින්නෙකු මෙන්ම විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

සුල්කිගේ පියා ඉබ්‍රාහිම් හමීඩ් මරදාන සහිරා විද්‍යාලයේ ප්‍රසිද්ධ රග්බි ක්‍රීඩකයෙකි. 1971 දී පොලිස් රග්බි කණ්ඩායමේ නායකයාය. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සිය සේවා කාලය සම්පූර්ණ කර ඇත. ඔහු හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ලෙස ද කටයුතු කළේය.

කොරෝනා ආසාදනයක් හේතුවෙන් පියා සහ පුතා පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.

19 දා සතියක් රෝහලේ ප්‍රතිකාර ගෙන නිවසට පැමිණ සිටි සුල්කි මොහොමඩ් නැවත සෙනසුරාදා උදෑසන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය. සුල්කිගේ පියා ඉබ්‍රාහිම් හමීඩ් පසුගිය සිකුරාදා මිය ගියේය.