ඉතිරි ජනපද 4/5 ක බයිඩන් ඉදිරියෙන්!

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බල කඳවුරු වශයෙන් පැවති, තීරණාත්මකම ජනපද පහෙන් හතරක ඉදිරියෙන් සිටීමට මේ වන විට ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී සිටියි.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බල කඳවුරු වශයෙන් පැවති, තීරණාත්මකම ජනපද පහෙන් හතරක ඉදිරියෙන් සිටීමට මේ වන විට ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී සිටියි.

ඒ අනුව ජෝර්ජියා, පෙන්සිල්වේනියා. නෙවඩා සහ ඇරිසෝනා යන ජනපද හතරෙහිම මේ වන විට ට්‍රම්ප් පරදවා බයිඩන් ඉදිරියට පැමිණ ඇත.

ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි අවම ඡන්ද සංඛ්‍යාව වන 270 අතරින් 264 ක් තමන් සතුකරගෙන සිටින බයිඩන් හට ජයග්‍රහණය ක්‍රම දෙකකට තහවුරු කර ගත හැකිය.

1. ඇරිසෝනා, උතුරු කැරොලිනා, නෙවඩා, ජෝර්ජියා යන ජනපද 4 න් 2 ක් ජයග්‍රහණය කිරීම

2. පෙන්සිල්වේනියා ජනපදය ජයග්‍රහණය කිරීම

දැනට පවතින තත්වය අනුව බයිඩන් නුදුරේදීම මෙම ක්‍රම දෙකෙන්ම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ඉඩ තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!