ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විදේශ ඇමති ජී.එල්. හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා නව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබේ.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කම්හල් පිහිටුවීම කෙරෙහි එම හමුවේදී අවධානය යොමුවී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අවසන් වරට 2016 දී කැඳවනු ලැබූ ඉන්දු – ලංකා ඒකාබද්ධ කොමිසම ඉක්මනින් කැඳවීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය ද විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබේ. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා සහ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර ද හමුවක් සිදුවී තිබේ.

එහිදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහයෝගය වෙනුවෙන් චීන රජයට ස්තූති කළ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, දෙරට අතර පවත්නා පූර්ණ පරාසයක සබඳතා ඉහළ නැංවීමේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කර ඇත.