ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද කැපී පෙනෙන ලෙස සියයට 3 කින් පමණ වර්ධනය වූ අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 67 යි ශත 35 ක් ලෙසයි.
ඇමෙරිකානු ඩබ්ලිව්.පී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 64 යි ශත 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඇමෙරිකානු ඩොලරය දුර්වල වීම මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතුව ලෙස සැලකෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය සතියේ සියයට 8 කින් ද, ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 9 කින් ද පසුගිය සතියේ පහත වැටුණේ මැයි 21 න් පසු අවම අගයන් සලකුණු කරමින්.