දෙවැනි දිනටත් ආසාදිතයන් 4000 ඉක්මවයි

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ ද හාරදහසේ සීමාව ඉක්මවා ගියා.

ඊයේ අලුතින් ආසාදිතයන් 4353ක් වාර්තා වූ අතර, ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 394,355ක් ලෙසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම තවත් කොරෝනා මරණ 194ක් පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඉන් 91 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර, 103 දෙනෙකු කාන්තාවන්.

මෙම 194 දෙනාගෙන් 145 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වනවා.

49 දෙනෙකු 30ත් 59ත් අතර වයසේ පසුවන්නන් බවට යි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 2,222ක් සුවය ලබා රෝහල්වලින් ඊයේ පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 344,381ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.