ජාත්‍යන්තර සම්මාන 50හේ කඩයිම “විෂම භාග” පසු කරයි..
එදා මෙදා තුර වැඩිම ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලද ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් සැලකෙන ලලිත් රත්නායකගේ “විෂම භාග” (The Other Half) චිත්‍රපටය, එම වාර්තාව නැවත වතාවක් අලුත් කරමින් සිය 50 වෙනි සහ 51 වෙනි ජාත්‍යන්තර සම්මානවලට හිමිකම් කීමට පසුගියදා සමත් විය. ඒ එංගලන්තයේදී නොවැම්බර් 01 වෙනිදා නිමාව දුටු 04 වෙනි අවුට් ඔෆ් ද කැන් අන්තර්ජාතික සිනමා උළෙලේදී (Out of the Can International Film Festival) සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමත් සමගිනි. එහිදී “හොඳම නිෂ්පාදක” (Best Producer) වෙනුවෙන් වූ සම්මානයෙන් පිදුම් ලැබීමට “විෂම භාග” චිත්‍රපටය නිෂ්පාදනය කළ අළුදෙණියේ සුබෝධි හිමි සමත් වූ අතර, එයට අමතරව “හොඳම ඉංග්‍රීසි භාෂිත නොවන චිත්‍රපටය” උදෙසා වූ දෙවැනි ස්ථානය (Runner Up- Best Non English Speaking Film) “විෂම භාග” චිත්‍රපටයට හිමිවුනි. අයදුම්පත් 5,253 ක් මෙවර උළෙල සඳහා ඉදිරිපත්ව තිබූ අතර, එයින් නිර්මාණ 491 ක් පළමු වටය සඳහාත්, නිර්මාණ 115 ක් අවසන් වටය සඳහාත් සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබුනි. එහිදී “විෂම භාග” ඇතුළුව නිර්මාණ 26 ක් උළෙලේ අවසන් දිනයේදී ප්‍රකාශයට පත්කළ ප්‍රමුඛතම සම්මානයන්ට හිමිකම් කීය.
මෙම ජයග්‍රහණයත් සමග “විෂම භාග” චිත්‍රපටය සම්මානයට පාත්‍ර වී ඇති ජාත්‍යන්තර උළෙල සංඛ්‍යාව 17 ක් විය. එම උළෙලවල ලද සම්මාන 52 න්, සම්මාන 19 ක් සිනමා නිර්මාණය නැතහොත් සිනමා නිෂ්පාදනය වෙනුවෙන් හිමිව ඇත. එයට අමතරව අධ්‍යක්ෂණය උදෙසා සම්මාන 06 ක්ද, රංගනය උදෙසා සම්මාන 15 ක්ද, සිනමා කැමරාකරණය උදෙසා සම්මාන 04 ක්ද, සංගීත අධ්‍යක්ෂණය හා ශබ්ද පරිපාලනය උදෙසා සම්මාන 02 බැගින්ද, තිර රචනය, සංස්කරණය හා කලා අධ්‍යක්ෂණය උදෙසා සම්මාන 01 බැගින්ද “විෂම භාග” චිත්‍රපටය ජයග්‍රහණය කොට ඇත.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි