ඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයන් 19ක් දිවයිනට

ඇෆ්ගනිස්ථානයේ ගැටුම් හමුවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගන්නා අවස්ථාව වන විට එහි ශ්‍රී ලාංකිකයන් 92ක් සිට ඇති බවයි මේවන විට අනාවරණ වී ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේවෙතත් ඉන් 26 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේ සිටීමට කැමැත්ත පළකර තිබෙනවා.

ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම විවිධ රාජ්‍ය නොවන  සංවිධානවල කටයුතු කරන අය බව සඳහන්.

මේ අතර තවත් ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු අද දිනයේදී ඉන්දීය ගුවන්යානයකින් මෙරටට පැමිණීමට නියමිත බව ද වාර්තා වනවා.