ටොසී ඖෂධය අනිද්දා දිවයිනට
කොවිඩ් තත්ත්වය උත්සන්න වූ රෝගීන්ට ලබාදෙන දැනට රටතුළ දැඩි හිඟයක් පවතින බවට වාර්තා වන ටොසී යන කෙටි නාමයෙන් හඳුන්වන ඖෂධයෙන් තොගයක්, ලබන සෙනසුරාදා සිංගප්පූරුවෙන් දිවයිනට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළා.
ටොසී ඖෂධය මෙරටට ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද ඊයේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළා.